Thursday, May 31, 2012

Blogger සදහා බුකියෙන් ගැජට්

බ්ලොග්කරණයට අලුත් අයට මේක වැදගත්වෙයි (නැතත් මට  කමක් නෑ ) .Facebook  ඒකෙන් අපේ බ්ලොග් එකට ගන්න පුළුවන් වැඩකෑලි ටිකක් තමා මම අද කියන්නේ .


 1)   අපේ තියන Facebook page එක ,බ්ලොග් එක කියවන අයට ලයික් කරන්න පුළුවන් වෙන විදියේ ගැජට් එකක් මේක  Facebook page එකක් නැත්නම් මෙතන ක්ලික් කරලා හදාගන්න 
දැන් පේජ් එකට ගිහින් පේජ් එකේ ඇඩ්රස් එක කොපි කරගන්න  දැන්   සෙටින්ස් වලට යන්න



 
එතනින් රිසෝසස් කියන ඒකට යන්න 

එතනින් use   Social Plugins ක්ලික් කරන්න 

Social Plugins  වල තියනවා Like Box කියල එකක් ඒකට යන්න 


දැන්   කියන ඒකට ඔයාලගේ පේජ් එකේ ඇඩ්රස් එක දෙන්න 


  


දැන් ඉතුරුව කැමති විදියට හදල ගෙට් code කියන එක ඔබන්න  එකේ  iframe  කියන එක ක්ලික් කරලා  කෝඩ් එක කොපි කර  ගන්න දැන් ඉතින් බ්ලොග් එකේ සාමාන්‍ය ගැජට් එකක් ඇඩ් කරනවා වගේ ඇඩ්  කරන්න 


http://developers.facebook.com/socialdesign මෙතන තියන අනික් ඒවත් ට්‍රයි කරලා බලන්න 


ඔයාලගේ ප්‍රොෆයිල් බැනර් එකක් ඇඩ් කරන්න ඕනෙනං 
http://www.facebook.com/badges/profile.php ඒකට ගිහින් ඇ ඩ්  කරගන්න පුළුවන්   


තව දෙයක් කියන්න තියනවා....kiyanna  රෙප් මහත්තයාගේ පොස්ට් එකත් අලුතින් බ්ලොග් කරන අයට  ගොඩක් වැදගත් වයි  ehenam අපි ගියා ඔන්න ..........................................................................................................................................

Wednesday, May 23, 2012

අද්්‍යාපන චාරිකාව(ළග පාත ඉස්කෝලේ)

දන්නවනේ ඉතින් අද්්‍යාපන චාරිකාව කීවම ඉතින් ඉස්කෝලෙන් අර හැම අවුරුද්දෙම යන එක තමා මේ .ඔන්න ඉතින් OL පන්තියේ කස්ටිය ඔන්න ඔය චාරිකාවක් යන්න ලෑස්ති වුනාලු (මේක X නම් විද්‍යාලයේ වුනේ)ඉතින් යන්න ඕන තැන එහෙම තීරණය කර ගන්න ගියාම හෙන අර්බුදයක් ඉතින් කට්ටියට  ඕන ඉතින් මැක්සාම ෆන් එකක් ගන්න පුළුවන් ප්ලේස් එකක් නේ ...කට්ටිය ඔන්න ට්‍රිප් එක යන්න හිතාන හිටියේ නුවර එළියේ... මාර සිතලයිනේ (රත්  වෙන්න එහෙමත් පුළුවන් නිසා)  කට්ටිය ඉතින් රත්වෙන බඩු ගන්න ආධාර ටිකත් එකතු කරන්න තමා ලැස්ති වෙලා හිටියේ .ඒ වුනාට ඉතින් සර් ල තීරණය කළා හද්ද වන්නියකට යන්න දැන් ඉතින් මුන් ටිකට සර් ලව මරාගෙන කන්න තරහ එත්  ඉතින් මොනවා කියල කරන්නද  සර් ල කියන තැනකටනේ එක්ක යන්නේ ඔන්න දැන් ආධාර පත්‍රිකාව එහෙම එකතු කරලා යන දවසෙ උදේ පාන්දර බාර් ඒකෙන බඩු ටිකත් අරගෙන ආව .කොහෙද ඉතින් මුන්ට ඒක දැක්කම ඉවසගෙන ඉන්න බැරිඋනා උදේ පාන්දරින් එකක් හිස්කලා(ඉස්කෝලෙ ඇතුලේ මොන සැන්ඩිද )ඔන්න ඔහොම බස් එකටත් නැග්ග .හුටා......එකෙක් තව ඇවිත් නෑ ..එකව දාල යන්නයැ.ඒක එනකන් ඉදල සුබ මොහොතින් ටිකක් පරක්කු වෙලා  ට්‍රිප් ඒක යන්න පටන් ගත්තා .උදේ පාන්දරම උපදෙස් ලැබුන බස් එක ඩොල්කිය විදියට යොදාගන්න එපා කියල එකත ඒවිදියටම පිළිපදිමින් සුමිහිරි ස්වරයෙන් කෑගහල සින්දුව පටාන් ගත්ත එදවස් වල  හිට් එක


ආදරයේ උණුසුම ලඟ - දුක දැනෙන්නෙ නෑ
දුක් කරදර නැති දවසට - දුර පෙනෙන්නෙ නැ
ජීවිතයේ හැමදාමත් - සැප රැදෙන්න බැ
සිනහවෙවී සිනහවෙවී - කල් ගෙවන්න බැ

තොල් අග මදහස දල්වන
ප්‍රාර්ථනා මල් පිබිදෙයි
ලෝකය උඩු යටිකුරු වී
ප්‍රාර්ථනා වන් වැලලෙයි..
සැමදා දුක සැමදා සැප - නොමැති ලෝකයේ
සිනහ නැගෙයි කදුල ඇගෙයි - එයයි ජීවිතේ

ඔන්න ඔහොම ඉතින් එක සින්දුවට එක ෂොට්  එක ගානේ වැඩේ ලස්සනට යනවා දැන් කොහොම කොහොම හරි දැන්  වලවෙනි ගමනාන්තයට ලං වෙනකොට කට්ටියට හොදගණන්  ඔන්න ඉතින් සර්ල ටික බැහැල මුලින් එතන අවසර ගන්න එව්වා එහෙම කරනවා හුටා මලකෙලියයි,,,,,,,,,,,,,,:Oo එකෙකුට හොදටම  වැඩි වෙලා අම්ම නෑ කියල බෙරිහන්දෙනවා  ඒඅස්සේ ඒක කබරයදාළ එත් ඉතින්උන්ගේ දක්ෂතාවය හින්ද වැඩේ ශේප් කරගත්තා උට දෙකක් ඇනල වෙරි බැස්ස ගත්තා එහෙං අනික්‌ බස් එකේ එකෙක් වතුර බෝතලයකට මුත්‍රා සාම්පලයක්  පුරවනවලු (දන්නවනේ ඉතින් ) ඔන්න ඉතින් උදේට කාල එහෙම  සර් ල ටික කලබල වෙලා කස්ටියව ඇතුලට දාගෙන චෙක් කරනවා "බීපු උන් කියපල්ලා අහුවුනොත්  තොපි මරනවා " කියල කෑගගහ ඔන්න එකපාරට එකෙක්ගේ බැග් එකක කොළපාටට දිලිසි දිලිසි බඩු තියනව  ඌව අදාල අරගෙන දෙකක් අනිද්දී එකෙක් ගේ නම් කිව ඒකට දෙකතුනක් ගහද්දි තව එකෙක්ගේ නම් කිව්වා ඔහොම ඉතින් බීපු උන්ට මදි නොකියන්න වැදුන වෙලාතියන සිද්දීය පස්සේ තමා ආරංචි වෙලා තියෙන්නේ උදේ බිඉපු එවුන්ටික ගල්බෝතලයක් අමතකවීමකින් පන්තියක් ඇතුලේ දාල ඇවිත් ඔතන් ඉතින් හොද වැඩකාරයෝ ටික කාටත් හොරෙන් ෂෝ දෙන්නේ නැතුව වැඩේ කරගෙන තියන බවත් ආරංචි වෙලා තියනව

ප.ලි ඉස්කෝලේ එම්ටියගේ එක නම් නෙවේ

Tuesday, May 22, 2012

ප්‍රථම ප්‍රේමයෙන්ම කෙලවීම

මේ සිද්දීය මට මිඉට මාස 6 කට විතර කලින් වෙච්ච දෙයක් .මේක කියවන උන්ටත්  මේවගේ  දෙයක් නොවෙන්න තමා මම මේක මගේ බ්ලොග් එකේ ලියන්න තීරණය කලේ ................................මේ කතාවට ගොඩක් නම් අපේ උන් දාල තියනව   මහා කුමන්ත්‍රණය , කුජීත ආදරය  කෑල්ල සහ යාළුවා  වගේ :DDD

මෙන්න මේකයි කතාව.
ඉස්කෝලෙට අපේ ගෙවල් පැත්තේ ඉදන් සෑහෙන දුරක් තියනව.ඉතින් ඒක හින්ද බස් එකේ තමයි ඉස්කොලේට යන්න වෙන්නේ අර සිසු සැරිය තියන හින්ද එකේ තමයි යන්නේ .මේකෙත් ඉතින් සුපුරුදු ලෙස පිස්සු කෙල කෙල තමා යන්නෙ.(<මේකෙ කරන වැඩ ගැන කියන්න ගියොත් ඉතින් තව පොස්ට් 10 ක් විතර ලියන්න වෙනව>)දැන් ඉතින් 11 වසරේ අන්තිම හරියේ තමා මට මේක උනේ .මේ කාලේ වෙද්දී අපේ සෙට් එකේ සේරටම වගේ කෑලි හිටිය . කොහෙද... මම ඉතින් ඉස්සර ඉදන් මල් ගහල තිබුනට මල් කඩල පුරුද්දක් තිබුනේ නෑ . අනික මට 10 වසරට විතර වෙනකන් කෙල්ලෝ පෙන්න බෑ කෙල්ලන්ටත් මාව පේන්නබෑ (කොරන වැඩ හින්දම තමා) කොහොමහරි මට කෑල්ලක අවශ්‍යතාවය තදටම දැනුන. ඉතින් මම අපේ සෙට් එකේ උන්ටත් කියල වැඩේට බැස්ස(කියපු ඒකෙන් තමා කෙල උනේ)     .  හුටා.........මාර කේස් එක කෝ.දැන් කෙල්ලෝ !!!!!!!!! බස් එකේ එක කෙල්ලෙක්වත් දාගන්න තියා කතා කරන්න පුළුවන් සයිස් එකකවත් නෑ මොකද ඉතින් දවසකට මොකාක්ම හරි    කුප්ප වැඩක් කරනවනේ...ඔන්න ඉතින් එකට විසදුමක් ලැබුනා බස් එකට අලුත් කෙල්ලෙක් ආව .ආයේ කතාකරන්න දෙයක් නෑ සුපිරිම කෑල්ලක් .කොල්ලෙකුත් නෑ කියල මම කොහොමහරි හොයාගත්ත.මෙකි ආපු ගමන වෙන එකෙකුටවත් මේකට ලංවෙන්නවත් දෙන්නේ නැතුව තහනම් නියෝගයක් පලකෙරුව නැත්තං වෙන වෙන උන් වැඩේට බහිනවනේ .කට්ටිය කතාවෙලා ඉතින් දැන් කෑල්ල දාගන්න ට්‍රයි එක දෙනවා .දන්නා හැම අද එකක්ම දැන් මෙයා ඉස්සරහ දානව ඒ උනාට මෙකි නැමෙන්නෙම නැහැනේ ..............දැන් ඉතින් මෙයාගේ නම්බර් එක හොයන්නත් කීපදෙනෙක පත් කළා  තියෙන්නේ වැඩේ ඉතින් දහමෙන් සෙමෙන් යනවා . පලවෙනි පාර නේ..... පළපුරුද්දක් නැති හින්දම සිරාවටම ලව් කළා( එක පාර්ශවිකව හැබයි) මෙකි හෙන මීටරයක් කියල මෙයාගේ යාලුවොත් කියනවා .එක හින්ද ඉතින් සෑහෙන ගේමක් දිල පන්තියේ පීරියඩ් 4ක්  විතර කට් කරන එක 1-2 ක් විතර  අඩු කළා ..බියර් ටින් ගානත් ටික ටික අඩු වුනා.සෙට් එකෙනුත් හැලෙන්න ගත්තා .ඔන්න ඔය අතරේදී මට වැඩිය අවුරුද්දක් විතර වැඩිමල් එකෙක් මාත් එක්ක කතාකරලා ෆිට් උනා මේක ටිකක් පො## පාට (එහෙම කීවට පවුනෑ) ඒ උනාට කෙල්ලෝ උට මාර කැමතියි .මූ දැන් මම අර කෙල්ල ලගට යද්දී මාත් එක්කම ඉන්නවා .(මම නැති දවස් වලටත් ගියාලු )
මට හෙල්ප් එකට කියල  පස්සේ පස්සේ මු ජෝක් එකට වගේ කියනවා එකී උට හොදයි කියල .ඔහොම එකක් කියන්න ගිහින් දවසක් කනේ පාරකුත් මගේ කාල තියනව. ඔන්‍න‍ ඔහොම යද්දී දැන් කෙල්ල මට කැමති වෙන ගානට ආව දැන් ඉතින් අහන්නත් ඕනෙ කලින් කාගෙන්වත් අහලත් නැ අපේ දුක් විදිනා පෙම්වතුන් සෙට් එකේ උදව්වෙන් .නෙට් එකෙත් බලල බලල  පස්සේ සෑහෙන ගේමක් දීල ඇහුව 
not responding>>>>  කල් ඕනෙ කියනවා .කල් කොහෙද ඉතින් ඊට පස්සේ දවසේ ඇඩ්මිෂන් දීල පිනා අපිව පයින් ගහල එලෙව්වා .ඔන්න විභාගෙ ලිව්වා ලියමුකො මට ඉතින් අර කෙල්ල මතක්  වෙනවා උත්තරේ ආවෙත් නෑනේ අපේ සෙට් එකේ උනුත් ගෙවල් වල මම ඉතින් බස් එකට ගිහින් අරකිගෙන් දෙකෙන් එකක් බේරගන්නව කියල හිතාගෙන බස් එකේ යන පොඩි එකෙකුට කතාකරල ඇහුව "දැන් කොහොමද " අර කෙල්ලගෙ නම කියල එකී ඉන්නවද කියල  .............................උගේ උත්තරෙන් මට උන්හිටි තැන අමතක උනා ෆෝන් එකත් බිම වැටුන. උගේ උත්තරේ තමයි  " එකී දැන් අර ****ගෙ කෑල්ල අද හවසත් මල් කඩ කඩ අව මම දැක්ක "දැන් ඉතින් මට අරකව මරාහෙන කන්න තරම් තරහ . එත් තව ටිකක් බලමුකෝ කියල හිතාගෙන පස්සේ දවසේ ඉස්කෝලේ යුනිපෝම් එකක් ඇදගෙන ගියා cap එකකින් මුඋන වහගෙන ඇනොනිමස් කෙනක් විදියට වැඩේ ඇත්තය ........මගෙන් කල් ඉල්ලුව එකී දැන් මුඋත් එක්ක පෙම් කෙළිමින් සීටි....................... මුගේ අතපය හතර විසන්දී  කරන්න අපේ උන්ට ඕනෙ උනා ඒ උනාට මට එහෙම කරන්න හිතුනේ නැ මොකද මම එයාට සිරාවටම ලව් කළා    මේක අර පො## අයියගේ විතරක් වැඩක් නොවන බව මට තේරුනා මේ මහා කුමන්ත්‍රණයට ගැන තවමත් අපේ උන් හොයාගෙන යනවා මෑත ඉතිහාසයේ මට වෙච්ච කුජීතම සිද්දීය මේක තමා තවම පාරේ බැහැල යන්න බැරි තත්වයක් තියෙන්නේ
  

ඒ දවස වල හීනෙ..................................


දැන් ...........................................









ප.ලි ...බ්ලොලොක්කේ දාගන්න හොද සින්ඩි ටිකක් හොයල දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක්

Saturday, May 19, 2012

අවුරුදු කැම

බෝලොක්කේ පටන් ගත්ත වගේම පෝස්ට් කරන්න එපායැ ඉතින් ..

මේක අපේ මාමල සෙට් එකට වෙච්ච කුජීතම සීන් එකක්.නෑදෑයො කට්ටිය ඉතින් අවුරුද්දට සාමාන්‍යයෙන් අපේ ගෙදරට එනවා ලන්ච් එකකට (ඒ ඇරුනම වැරදීලාවත් අපේ ගෙදරට එන්නේ නෑ). ඇවිල්ල ඉතින් පොඩි අඩියක් එහෙමත් ගහනවා .කරුමෙට මේ පර තිබුනේ රට බඩු වගයක්.. කට්ටිය නිකන් ගල් ගහනව වගේ ගසල අරිනව එකපාරට සැන්ඩ්ත් නැතුව .මුන් එකේවත් මිට කලින් ඒවා ගහල නැතුව ඇති කියල ගහන විදියට මට තේරුණා .මටත් මර හැපී මොකද මුන් ටික මෙලෝ සිහියක් නැතුව දගලන ටිකේ මට ඉතුරු ටිකට වගකියන්න පුළුවන් කියල මටත් තේරුණා .මම ඉතින් එතකන්  නෑනලා ටික බලාගෙන හිටිය.කොහොමහරි මුන් බිඉල ඉවර වෙනකොට අනිත්අය කලා ඉවරයි.දැන් ඉතින් මුන්ටික කනවා .එකෙකුටවත් කකුල් දෙකෙන් යන්න පුළුවන් තත්වෙක නෑ. නෑනලා ටික වටකරගෙන මමත් පචයක් හල හලා හිටියේ .දැන් කෑම කාමරයෙන් දෙබසක් ඇහෙනවා
 එකෙක් කියනවා "බෝකද්ද බන් මේ  අලුත්  කෑම
අනිකා  "ඒක තම බන් ගනින් ඔය පිගාන මෙහාට මටත් ටිකක් දාගන්න"


යකෝ ගෙදර එවුන් මටත් හොරෙන් මුන්ටිකට වනම කෑමක් හදලද බලන්න කියල ගියා .එකෙක්. "පුතේ උඹත්
ඉදගෙන කාපන්" කියල" මට අර පිගාන ඇල්ලුවා මමත් පිගානට ඔලුව දමා බැලුවෙමි. අතීශයින්ම කුජීතය මුන් මෙච්චර වෙලා රස කර කර කා ඇත්තේ  කාල දාපුකෙහෙල් ලෙලි  තිබුණු  පිගානකි
 මේක මගේ ක්‍රියාවක් නොවන බව වගකීමෙන් කියන්න පුලුවන් ඒ උනාට ගෙදර අය තවමත් හිතාගෙන ඉන්නේ මේක මගේ තවත් එක කුප්ප ක්‍රියාවක් බවය .

Friday, May 18, 2012

ලියන එකා ගැන..........

හැම එකාම බ්ලොග් ලියන හින්ද මමත් ඉතින් බෝලොක්කයක් ලියන්න කියල පටන් ගත්ත.මේකෙ ඉතින් ගොඩක්ම ලියවෙන්නේ මම කරපු කියපු කුප්ප වැඩ සහ මට වෙච්ච අජුතම සීන් තමා ..සේරටම කලින් මම කවුද කියල පොඩි විස්තරයක් දෙන්නම් 


මගෙ නම නම ඉතින් eMptyයා කිවම දන්නා අය දන්නවා .මහ ලොකුවට බ්ලොක්කයක්‌ පටන් ගත්තට තවම වයසනම් දාහතක්‌ විතර තමා.ජීවත් වෙන්නේ වයඹ පැත්තේ .කොරන්න පුළුවන් හැම මගුලම කරලා කොහොමහරි සා /පෙත් කරලා දැන් ගෙදරට වෙලා ඉන්නවා. ගෙදරට වෙලා ඉන්නවා කීවට result ඇවිත් ඉස්කෝලේ පටාන් ගන්නකන් බලාගෙන ඉන්නවා.රිසල්ට්ස් ගැන කිවොත් ඉතින් .....සා /පෙ කරන්න ඔන්න මෙන්න පටන් ගත්ත  මගෙ ඒකපාර්ශවික ලව් එකට ( ඒකපාර්ශවික ලව් එක ගැන පසුව බලාපොරොත්තුවන්න) පින් සිද්ද වෙන්න A7 ක්‌ එක්ක පාස් වෙලා තිබුන.  result දැක්කහම මට හිතුනේ අරක(විගාබ කොමසාරිස් ) මේ පාරත් කෙලවලා  තමා කියල  .කොම්පුටරේ රීස්ටාට් කරලත් බැලුව .ඒත් එමමයි..අපේ එවුන්ට තවමත් මගෙ රිසල්ට්ස් ෂුවර් නැ............(මටත් එහෙමමයි)මම බීපු කතා එච්චර දාන්නේ නැ තවම දහ අටක්‌  නෑනේ .. අදට එච්චරයි ඉතින් කතා ටික ඊලග පෝස්ට් එකේ ඉදල බලාපොරොත්තු වෙන්ඩ


කොමෙන්ටුවක්,ෆ්ලෝ පාරක්‌  එහෙම දාල සප් එකක් දෙන්න හොදේ..............