Wednesday, May 23, 2012

අද්්‍යාපන චාරිකාව(ළග පාත ඉස්කෝලේ)

දන්නවනේ ඉතින් අද්්‍යාපන චාරිකාව කීවම ඉතින් ඉස්කෝලෙන් අර හැම අවුරුද්දෙම යන එක තමා මේ .ඔන්න ඉතින් OL පන්තියේ කස්ටිය ඔන්න ඔය චාරිකාවක් යන්න ලෑස්ති වුනාලු (මේක X නම් විද්‍යාලයේ වුනේ)ඉතින් යන්න ඕන තැන එහෙම තීරණය කර ගන්න ගියාම හෙන අර්බුදයක් ඉතින් කට්ටියට  ඕන ඉතින් මැක්සාම ෆන් එකක් ගන්න පුළුවන් ප්ලේස් එකක් නේ ...කට්ටිය ඔන්න ට්‍රිප් එක යන්න හිතාන හිටියේ නුවර එළියේ... මාර සිතලයිනේ (රත්  වෙන්න එහෙමත් පුළුවන් නිසා)  කට්ටිය ඉතින් රත්වෙන බඩු ගන්න ආධාර ටිකත් එකතු කරන්න තමා ලැස්ති වෙලා හිටියේ .ඒ වුනාට ඉතින් සර් ල තීරණය කළා හද්ද වන්නියකට යන්න දැන් ඉතින් මුන් ටිකට සර් ලව මරාගෙන කන්න තරහ එත්  ඉතින් මොනවා කියල කරන්නද  සර් ල කියන තැනකටනේ එක්ක යන්නේ ඔන්න දැන් ආධාර පත්‍රිකාව එහෙම එකතු කරලා යන දවසෙ උදේ පාන්දර බාර් ඒකෙන බඩු ටිකත් අරගෙන ආව .කොහෙද ඉතින් මුන්ට ඒක දැක්කම ඉවසගෙන ඉන්න බැරිඋනා උදේ පාන්දරින් එකක් හිස්කලා(ඉස්කෝලෙ ඇතුලේ මොන සැන්ඩිද )ඔන්න ඔහොම බස් එකටත් නැග්ග .හුටා......එකෙක් තව ඇවිත් නෑ ..එකව දාල යන්නයැ.ඒක එනකන් ඉදල සුබ මොහොතින් ටිකක් පරක්කු වෙලා  ට්‍රිප් ඒක යන්න පටන් ගත්තා .උදේ පාන්දරම උපදෙස් ලැබුන බස් එක ඩොල්කිය විදියට යොදාගන්න එපා කියල එකත ඒවිදියටම පිළිපදිමින් සුමිහිරි ස්වරයෙන් කෑගහල සින්දුව පටාන් ගත්ත එදවස් වල  හිට් එක


ආදරයේ උණුසුම ලඟ - දුක දැනෙන්නෙ නෑ
දුක් කරදර නැති දවසට - දුර පෙනෙන්නෙ නැ
ජීවිතයේ හැමදාමත් - සැප රැදෙන්න බැ
සිනහවෙවී සිනහවෙවී - කල් ගෙවන්න බැ

තොල් අග මදහස දල්වන
ප්‍රාර්ථනා මල් පිබිදෙයි
ලෝකය උඩු යටිකුරු වී
ප්‍රාර්ථනා වන් වැලලෙයි..
සැමදා දුක සැමදා සැප - නොමැති ලෝකයේ
සිනහ නැගෙයි කදුල ඇගෙයි - එයයි ජීවිතේ

ඔන්න ඔහොම ඉතින් එක සින්දුවට එක ෂොට්  එක ගානේ වැඩේ ලස්සනට යනවා දැන් කොහොම කොහොම හරි දැන්  වලවෙනි ගමනාන්තයට ලං වෙනකොට කට්ටියට හොදගණන්  ඔන්න ඉතින් සර්ල ටික බැහැල මුලින් එතන අවසර ගන්න එව්වා එහෙම කරනවා හුටා මලකෙලියයි,,,,,,,,,,,,,,:Oo එකෙකුට හොදටම  වැඩි වෙලා අම්ම නෑ කියල බෙරිහන්දෙනවා  ඒඅස්සේ ඒක කබරයදාළ එත් ඉතින්උන්ගේ දක්ෂතාවය හින්ද වැඩේ ශේප් කරගත්තා උට දෙකක් ඇනල වෙරි බැස්ස ගත්තා එහෙං අනික්‌ බස් එකේ එකෙක් වතුර බෝතලයකට මුත්‍රා සාම්පලයක්  පුරවනවලු (දන්නවනේ ඉතින් ) ඔන්න ඉතින් උදේට කාල එහෙම  සර් ල ටික කලබල වෙලා කස්ටියව ඇතුලට දාගෙන චෙක් කරනවා "බීපු උන් කියපල්ලා අහුවුනොත්  තොපි මරනවා " කියල කෑගගහ ඔන්න එකපාරට එකෙක්ගේ බැග් එකක කොළපාටට දිලිසි දිලිසි බඩු තියනව  ඌව අදාල අරගෙන දෙකක් අනිද්දී එකෙක් ගේ නම් කිව ඒකට දෙකතුනක් ගහද්දි තව එකෙක්ගේ නම් කිව්වා ඔහොම ඉතින් බීපු උන්ට මදි නොකියන්න වැදුන වෙලාතියන සිද්දීය පස්සේ තමා ආරංචි වෙලා තියෙන්නේ උදේ බිඉපු එවුන්ටික ගල්බෝතලයක් අමතකවීමකින් පන්තියක් ඇතුලේ දාල ඇවිත් ඔතන් ඉතින් හොද වැඩකාරයෝ ටික කාටත් හොරෙන් ෂෝ දෙන්නේ නැතුව වැඩේ කරගෙන තියන බවත් ආරංචි වෙලා තියනව

ප.ලි ඉස්කෝලේ එම්ටියගේ එක නම් නෙවේ

15 comments:

  1. සර්ලගෙන් ගුටි නොකා ඔය වැඩේ කරන්න පුළුවන් කලාවකට. කලාව දන්නෙ නැත්තං බෑ. :-)

    ReplyDelete
  2. කලාව දන්නා උනුත් ටික දෙනෙක් හිටියා :D

    ReplyDelete
  3. එතකොට බඩු ගල්ද?අපල්ද?

    ReplyDelete
  4. both dr...........................

    ReplyDelete
  5. ඕවා ඉතින් බොහොම ෂේප් එකේ කරන්න ඕනි..අනිත් එක සර්ලනේ ඉන්නෙත්...
    ඉස්සර අපි මැච්වලට එහෙම ගිහාම සර්ල දෙන්නෙක් විතර යන්නෙ.. රෑට එයාලට අහුවෙන්න බෝතලයක් තියනවා..ඉතින් සර්ල ඒක අපිට හොරෙන් බොනවා..ඒ වෙලාවට අපේ උන් සර්ලට හොරෙන් බොනවා..සමහර දවස් තිබුන එලීපිටම සර්ලත් සම්මාදම් වෙච්ච..ඒ වෙලාවට බොන්නෙ නැති අපිට තමා වාසි..අම්බානක බයිට් කන්න හම්බවෙනවනේ..

    ReplyDelete
  6. අනේ මන්දා උබලත්

    ReplyDelete
  7. එක්කො මෙව්වා 18 පැන්නහම දාපන්

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. එතකන් ඉවසන්න බැ අයියෝ

      Delete
  8. අපිත් ඒ කාලෙ කාල තියෙනවා කන් පැලෙන්න :D

    ReplyDelete
  9. අපිනං මතට තිත....

    ReplyDelete
  10. අපිනම් ආණ්ඩුවේ උන් වගේ මතට තිත.. කියාගෙන තිතට මත

    ReplyDelete
  11. කුජීතයි ... :D

    ReplyDelete
  12. අපෙත් සෙට් එකක් එක දිගට අවුරුදු 2 ක්ම ක්ලාස් ට්‍රිප් එක නුවර එලි‍යේ යන්න දා ගත්තේ රත්වෙන ජාති පාවිච්චියට නියම පළාත නිසා.

    අපේ ක්ලාස් ට්‍රිප් එක ගියේ සීගිරි සහ නුවර. එදා රෑ කට්ටියක් අනුමත වෙලා අන්තිමට අපේ පංති බාර මිස් කට්ටියව හොයන්න එද්දී උන් එක එකා අනික් එවුන්ගේ කාමරවලට පැනලා ඇඳන් යට එහෙම හැංගිලා තමා ෂේප් වුණේ :D

    ReplyDelete
  13. අපේ සෙට් එක ගිහින් ඉවර වෙලා රෑ බස් එකේම ගෙදර ය‍නකොට තමයි මගින් නතර කරලා ගේමට බැස්සේ.. මමනම් ඉතින් අමධ්‍යපනේ :D

    ReplyDelete