Friday, June 15, 2012

ආදරය සහ කෙල්ලෝ ................අනේ මන්ද ඉතින්

මට හම්බවෙච්ච එස්.එම්.එස් එකක් මතක්වෙලයි  ලියන්න හිතුනෙ. මේකෙ තිබුනෙ ආදරය ගැන දැන් නම්  එක හරියට මතකත් නෑ  ආදරය ලබන අය වාසනවන්තයිලු ආදරය නොලැබෙන අය අවාසනාවන්තයිලු (මම නම් ඒකට එකග නෑ)  සමහරු කියන හැටියට ආදරය  කියන්නේ කැපකිරීමක්  වගේ දෙයක්ලු  අපිටත් ඉතින් සමහර වෙලාවට අපේ ආදරය කැපකරන්න වෙනවා මේ දවස්වල අහන්න දකින්න වෙන දේවල් වල  හැටියට ඇත්තටම ආදරය කරන්නේ කොල්ලෝ විතරද කියලත් හිතෙනවා (අක්කල ටික තරහවෙන්න නම් එපා හරිද ). කවදාවත් ආදරය නොරකපු කෙනෙක් හොයාගන්න නම් බැරිවෙයි මොකද අපි හැමෝම  හිතින් හරි අපි නොදැනුවත්වම ආදරය කරලා තියනවා එක කියාගන්න බැරිව ගොඩක් ආදරකතා පටන්ගන්නත් කලින්ම ඉවරවෙනවා .මිට අවුරුදු දෙකතුනකට කලින් ආදරය කියන දේ ගැන එතරම් හිතුවේ නෑ ආදරය කරන අය ගැනත් හිතුනෙ 'මුන්ට පිස්සු කියල .මිට හරියටම අවුරුද්දකට කලින් ආදරය කියනදේ මගේ හිතටත් දැනුන එක වචනෙන් කියන්න ගොඩක් මැ අමාරුයි කාටවත් ඒ ගැන හරි තේරුමක් හොයල දෙන එක හුගක්ම අමාරුයි .හිතාගන්නත් අමාරුයි අවුරුද්දක්ම ගෙවිලා ගිහින් ඒත් මම හිටපු තැනමයි .ඔයා ගොඩාක් දුර ගිහිල්ල ඒත් ඔයා තවමත් මගෙ හිතේ ඉන්නවා .අවුරුද්දක් ගතවෙලත් ඔයාව අමතක කරගන්න බැරිඋනා ;
                 යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ තමා කියන්න ගත්ත දේ නෙමේ කියවුනේ අන්තිමට .
කෙල්ලෝ ගැන කතාකරන්න නම් මගෙ අත්දැකීම් ටිකක් විතර මදි  ........... කෙල්ලො ගොඩක් අය හිතනවා කොල්ලෙක් තමා මුලින්ම "මම ඔයාට ආදරෙයි කියල කියන්න ඕනෙ කියල .ඒගොල්ලො කවදත් ආදරය හිගාකන ජාතියේ අයට කැමති නැතිලු  ..............................

ආදරය කියන දේ ගොඩක් අය වෙන වෙන දේවල් එක්ක පටලාගෙන තියනවා. ඒ.සී බස් එකකට නැග්ගොත් එහෙම එව්වනම් ඕනෙතරම් බලාගන්න පුළුවන් .තව ඉතින් පාර්ක්‌ එක පහු කරගෙන එනකොට එහෙම .... තව දෙයක් තමා මේ මැදි වයසෙ ගෑනුන්ට ආදරය පෙන්න බැරිවීම මේකනම් ලෙඩක්ද කියලත් හිතෙනව.ඒ වුනාට ආදරය කරන එවුන් හැමෝටම නැහැදිච්ච එවුන් වනචරයෝ කියල තමා කියන්නේ

ආ යෙ මොකුත් නෑ හිතේ ලියන්න  තියෙන්නේ තරහ විතරයි ඒ මම ගැනම එමොකද කියනවනම් කෙල්ලො කියන එවුන් හරියට අදුරගෙන හිටියේ නෑ @!@#$$#$%%^^***)*^%%#$#$@#^$^%%&%^&*^*^*^%$@*^% එහෙනම් මම ගියා මට හැපී අනිවසරියක් පතහල්ලකෝ ....................................
      

Tuesday, June 12, 2012

EmPtYයා නැවතත් පිටියේ

කලින් ලිව්ව මෙලොරහක්නැති පෝස්ට් එක ගැන කට්ටියගෙන් සමාව ඉල්ලන්න ඕන .ඒක හොඳ සිහියෙන් ලියපු එකක් නොවන බව වගකිමෙන් කියන්න පුළුවන් (ඕන දෙයක් හිතාගන්න පුළුවන් )

පොසොන් එකට කලින් දවසේ  මගේ ප්රියාබරිය දෙවැනි කොල්ලත් එක්කත් සෙට් වෙලා .එව්වා ඉතින් දැන් වැඩක් නෑ දැන් ඉතින් පුරුදු පරිදිම ඉන්නව +++++++**************************


අපේ ගමේ පොඩි වෙසක් කලාපයක් දාල ඉතින් එකේ හොල්මන් මන්දිරේ හොල්මනක් වෙන්න මටත් චාන්ස් එකක් ආව එකේ ගත්ත ආතල් නම් ඉතින් කියල වැඩක නෑ.හොල්මන් මන්දිරේ හොදට සැලසුම් කරලා තිබුන හින්ද කිඉප දෙනෙක්ම කලන්තේ දාලත් වැටුන .එක ගෑනු සෙට් එකක් දැන් ඕක ඇතුලට ගියා එතකොට මම හිටියේ එලියෙ දැන් මුන්ටික බයවෙලා කෑ ගානවා එහෙම ඇහෙනවා කෑගහගෙනම කට්ටිය එලියට ආව දැන් ඉතින් එක ගනු කෙනෙක් නැහැල්ලු ...........ටික වෙලාවකින් මේ ගෑනි එනවා අනේ මගේ ලයනල් ඇතුලේ කියාගෙන  පස්සේ ආරංචි උනේ සිද්දිය මේ කෙනාගේ මහත්තය ටික කාලෙකට කලින් මැරිලා ලු )

දැන් ඉතින් ඉස්කෝලෙත් පටන් ගන්න ලගයිනේ කට්ටියට හොද  වැඩ ටිකක් බලාගන්න පුලුවන්වෙයි .හැමෝම කොරනවට මමත් මැත්ස් කරන්න ගත්තට ගෙදරින් මාව මස කරන සයිස් එකක් තියෙන්නේ
ගානක් දිහා බලපුවාම  sin cos tan විතරයි පෙන්නේ ගනං හදන්න ගියාම පයිතගරස් ගෙ පවුල මතක කරන්න වෙනවා .(මොනවා කරන්නද ඉතින් උන්නේ මේවට වගකියන්න ඕනෙ )
හරි හරි කොහොමහරි ගානක් හැදුව කියමුකෝ හැබැයි කවදාවත් තව මගේ ගානක් හරි ගිහින් නම් නෑ ඒ වුනාට අපේ ගෙදරින් මාව කැම්පස් යවන්න බලාගෙන ඉන්නේ මේ යන විදියට ඉතින් කැම්පස් එකට ට්‍රිප් එකක් වගේ යන්න පුළුවන් වෙyi

Sunday, June 3, 2012

අවසාන ලියුමයි ඔබට ලියන්නේ ..............................................

 ආදරණිය ඉෂා ......................
ඔයාව ආයේ කවදාවත් මගේ වෙන්නේ නෑ  කියල මම හොදටම දන්නව ඒත් ඔයා ඔය විදියට  දිගටම ගියොත් ඔයාව කාටවට් නැතිවෙයි කියල මට හොදටම විශ්වාසයි .ඔයා ඔහොම කෙනෙක් කියල මම දන්නවනම් කවදාවත් ඔයාට ආදරය කරන්නේ නෑ .මට ආයෙ කවදාවත් ඔයාව ඕනෙ නෑ ඒ වුනත් ඔයාට ඔයාවවත් නැති වෙන දවස තව දුර නෑ .එලිය නැති දාට හෙවනල්ලත් තමන්ව දාල යනවා කියල මට හරියටම තේරුනේ ඔයා මාව දාල ගිය දවසේ ඔයා මට දුන්න දුක අද තව කෙනෙකුට දිල.ඒත් මම එදා ඇඩුව වගේ ඔයාටත් කවදාහරි අඩන්න වෙයි එදාට ඔයාට කවුරුවත් නැතිවෙයි  අදින් මම ඔයාව හැමදාටම අමතක කරලා දානවා ඒත් එක එහෙම වෙඉද කියල හරියටම කියන්න මම දන්නේ නැ


ආදරයේ උණුසුම ලඟ - දුක දැනෙන්නෙ නෑ
දුක් කරදර නැති දවසට - දුර පෙනෙන්නෙ නැ
ජීවිතයේ හැමදාමත් - සැප රැදෙන්න බැ
සිනහවෙවී සිනහවෙවී - කල් ගෙවන්න බැ

තොල් අග මදහස දල්වන
ප්‍රාර්ථනා මල් පිබිදෙයි
ලෝකය උඩු යටිකුරු වී
ප්‍රාර්ථනා වන් වැලලෙයි..
සැමදා දුක සැමදා සැප - නොමැති ලෝකයේ
සිනහ නැගෙයි කදුල ඇගෙයි - එයයි ජීවිතේ

ආදරයේ උණුසුම ලඟ - දුක දැනෙන්නෙ නෑ
දුක් කරදර නැති දවසට - දුර පෙනෙන්නෙ නැ
ජීවිතයේ හැමදාමත් - සැප රැදෙන්න බැ
සිනහවෙවී සිනහවෙවී - කල් ගෙවන්න බැ

‍දිවා රැයේ දකින සිහින
පවන් සලා ගිමන් නිවයි
සිහින ලොවම ගරා වැටෙයි
කදුලින් හදවත් ඇවිලෙයි..
ගිතරු පෙම් සුසුම් හඩින් - පිරුණු ලෝකයේ...
සිනහ නැගෙයි කදුල ඇගෙයි - එයයි ජීවිතේ...

ආදරයේ උණුසුම ලඟ - දුක දැනෙන්නෙ නෑ
දුක් කරදර නැති දවසට - දුර පෙනෙන්නෙ නැ
ජීවිතයේ හැමදාමත් - සැප රැදෙන්න බැ
සිනහවෙවී සිනහවෙවී - කල් ගෙවන්න බැ


මේකනම් කාටවත් කියවන්න තරම් රසවත් වෙන්නේ නෑ කියල මම දන්නව ..............................................................................................