Friday, May 18, 2012

ලියන එකා ගැන..........

හැම එකාම බ්ලොග් ලියන හින්ද මමත් ඉතින් බෝලොක්කයක් ලියන්න කියල පටන් ගත්ත.මේකෙ ඉතින් ගොඩක්ම ලියවෙන්නේ මම කරපු කියපු කුප්ප වැඩ සහ මට වෙච්ච අජුතම සීන් තමා ..සේරටම කලින් මම කවුද කියල පොඩි විස්තරයක් දෙන්නම් 


මගෙ නම නම ඉතින් eMptyයා කිවම දන්නා අය දන්නවා .මහ ලොකුවට බ්ලොක්කයක්‌ පටන් ගත්තට තවම වයසනම් දාහතක්‌ විතර තමා.ජීවත් වෙන්නේ වයඹ පැත්තේ .කොරන්න පුළුවන් හැම මගුලම කරලා කොහොමහරි සා /පෙත් කරලා දැන් ගෙදරට වෙලා ඉන්නවා. ගෙදරට වෙලා ඉන්නවා කීවට result ඇවිත් ඉස්කෝලේ පටාන් ගන්නකන් බලාගෙන ඉන්නවා.රිසල්ට්ස් ගැන කිවොත් ඉතින් .....සා /පෙ කරන්න ඔන්න මෙන්න පටන් ගත්ත  මගෙ ඒකපාර්ශවික ලව් එකට ( ඒකපාර්ශවික ලව් එක ගැන පසුව බලාපොරොත්තුවන්න) පින් සිද්ද වෙන්න A7 ක්‌ එක්ක පාස් වෙලා තිබුන.  result දැක්කහම මට හිතුනේ අරක(විගාබ කොමසාරිස් ) මේ පාරත් කෙලවලා  තමා කියල  .කොම්පුටරේ රීස්ටාට් කරලත් බැලුව .ඒත් එමමයි..අපේ එවුන්ට තවමත් මගෙ රිසල්ට්ස් ෂුවර් නැ............(මටත් එහෙමමයි)මම බීපු කතා එච්චර දාන්නේ නැ තවම දහ අටක්‌  නෑනේ .. අදට එච්චරයි ඉතින් කතා ටික ඊලග පෝස්ට් එකේ ඉදල බලාපොරොත්තු වෙන්ඩ


කොමෙන්ටුවක්,ෆ්ලෝ පාරක්‌  එහෙම දාල සප් එකක් දෙන්න හොදේ..............

18 comments:

  1. සිංහල බ්ලොග් අවකාශේ දිග ගමනකට සුභ පැතුම් මලයා. කතා ශෛලිය නම් සුපර් :D

    ReplyDelete
  2. කොලුවේ මේ blog එකට comment කරද්දී එන word verification එක නම් අයින් කරපන්. නැත්නම් මළ ඇණයක් වෙනවා.

    ඒ වගේම මේ blog එක සින්ඩි දෙක තුනකට දැම්මා නම් තව කට්ටියකට මේ ගැන නිවුස් එක දෙන්න පුලුවන්.

    මෙන්න පාරවල්

    http://blogs.sinhalabloggers.com/
    http://syndi.lankeeya.lk/

    ReplyDelete
  3. @Hasitha අයියේ ගොඩක් ඉස්තූතියි .........

    ReplyDelete
  4. මධුරංග අයියගෙ බ්ලොග් එකේ තිබුණු කමෙන්ට් එක දැකලා තමා ආවෙ. හසිතගෙ කීමට මාත් එකඟයි.. හොඳ ශෛලියක් වගේ පේනවා... හි හි... "කුප්ප" කිව්වම නම් මතක් උනේ රත්ගමයව. ඒ වගේ තවත් එකෙක් ද.. හෆොයි... මගෙන් සුභපැතුම් මල්ලි...

    ReplyDelete
    Replies
    1. හි හි ස්තුතියි අයියේ.............ඉස්සරහට බලාගන්න පුලුවන්වෙය් :D

      Delete
    2. හෆොයි... "අයියේ......" oopssss

      Delete
  5. ඕං එම්ටියෝ මාත් ආව. බ්ලොගේ එම්ටි වෙන්න දෙන්නෙ නැතුව ලියපං.

    ReplyDelete
    Replies
    1. අනිවා රාජ් අයියේ

      Delete
  6. රත්ගමයාගේ බ්ලොගේ දාල තිබ්බ ඇඩ් එක දැකලා ආවේ පොඩ්ඩක් ඔලුව දාල යන්න. ඔන්න ෆලෝ පාරකුත් දැම්ම. ඔය විදියට හැම තැනම ඇඩ් දාන්න යනවට වඩා ඔය සින්ඩි දෙක තුනකට එෆ් බි එකේ ගෘප් වලට දාල බලන්න. බ්ලොග් අවකාශේ ඉදිරි ගමනට මගෙනුත් සුභ පැතුම්. ජය වේවා !!!!

    ReplyDelete
  7. නියමයි, මමත් ලඟදි තමයි බ්ලොග් ලියන්න ආවේ..... නම එම්ටි වුනට වැඩ එම්ටි නොකර බ්ලොග් එක ලියන්න.... මලේ... එහෙනම් ඔන්න මමත් සුබ පතනවා.... ජය වේවා...!

    ReplyDelete
  8. එළ දිගටම ලියපන්.අපි ඉන්නවා බලන්න.

    ReplyDelete
  9. එල කොල්ලෝ.. උඹ ලියපන්.. අපි දෙන්නම් සප් එක!

    ReplyDelete
  10. ඕං මමත් ආවා... උඹව උල තියන්න :-)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  11. ඔන්න මමත් සුභ පතනව චිරාත් කාලයක් එම්ටි බ්ලොග් එක පිරෙන්න පෝස්ට් දාන්න ශක්තිය, ධෛර්ය, වාසනාව ලැබෙන්න කියල. අපිත් එන්නම් බලල යන්න.

    ReplyDelete
    Replies
    1. අපොයි කොළුවො. උඹ බීපු කතා අහන්න උඹට 18 වෙනකන් අපිට තව අවුරුද්දක් බලන් ඉන්න බෑ බං. ඔන්න ඔහේ දාන්න අනේ.

      Delete
  12. ඕං මාත් ආවෝ.......
    සුභ පැතුම් දිගු ගමනකට.....

    ReplyDelete
  13. කට්ටියට ගොඩක්ම ස්තුතියි.ප්‍රතිචාර වලට

    ReplyDelete
  14. මමත් අළුත් එකෙක් කොල්ලො. ලියමු බං අපි මොන මොනවා හරි.බ්ලොග් කොලා වගේ නෙමෙයි මල්ලි කෙලවා ගන්නැ හරිද A/L එහෙම උනොත් බොටත් වෙන්නේ මං වගේ බාස් කෙනෙක් වෙන්ඩ තමයි.

    කො බං තාම දාලා නැනේ දාන්ඩම ඔන සීන්ඩිවලට අනිවා දාන්ඩ ඔන මම හිතන්නේ මෙන්න මෙ දෙකට



    http://blogs.sinhalabloggers.com/
    http://syndi.lankeeya.lk/

    වැඩිපුරම කෂ්ටිය බලනනේ ඔය දෙකද කොහෙද තමා. දාන්ඩ පොඩ්ඩක් මමත් කට්ට කැවා.ඇණයක් වෙලා හරි දාපන් මලේ .

    මම දාන්නං උඹව මගේ බ්ලොග් එකේ එන අයට දකින්ඩ.

    මං වගේ බාගෙට නාකියො ලීයන එව්වා උබලා වගේ අළුත් පරපුරට හරියනවද කියලා මට බලා ගන්ඩත් එක්ක අපේ පැත්තෙත් ඇවිත් යන්න එන්න.

    ReplyDelete