Saturday, May 19, 2012

අවුරුදු කැම

බෝලොක්කේ පටන් ගත්ත වගේම පෝස්ට් කරන්න එපායැ ඉතින් ..

මේක අපේ මාමල සෙට් එකට වෙච්ච කුජීතම සීන් එකක්.නෑදෑයො කට්ටිය ඉතින් අවුරුද්දට සාමාන්‍යයෙන් අපේ ගෙදරට එනවා ලන්ච් එකකට (ඒ ඇරුනම වැරදීලාවත් අපේ ගෙදරට එන්නේ නෑ). ඇවිල්ල ඉතින් පොඩි අඩියක් එහෙමත් ගහනවා .කරුමෙට මේ පර තිබුනේ රට බඩු වගයක්.. කට්ටිය නිකන් ගල් ගහනව වගේ ගසල අරිනව එකපාරට සැන්ඩ්ත් නැතුව .මුන් එකේවත් මිට කලින් ඒවා ගහල නැතුව ඇති කියල ගහන විදියට මට තේරුණා .මටත් මර හැපී මොකද මුන් ටික මෙලෝ සිහියක් නැතුව දගලන ටිකේ මට ඉතුරු ටිකට වගකියන්න පුළුවන් කියල මටත් තේරුණා .මම ඉතින් එතකන්  නෑනලා ටික බලාගෙන හිටිය.කොහොමහරි මුන් බිඉල ඉවර වෙනකොට අනිත්අය කලා ඉවරයි.දැන් ඉතින් මුන්ටික කනවා .එකෙකුටවත් කකුල් දෙකෙන් යන්න පුළුවන් තත්වෙක නෑ. නෑනලා ටික වටකරගෙන මමත් පචයක් හල හලා හිටියේ .දැන් කෑම කාමරයෙන් දෙබසක් ඇහෙනවා
 එකෙක් කියනවා "බෝකද්ද බන් මේ  අලුත්  කෑම
අනිකා  "ඒක තම බන් ගනින් ඔය පිගාන මෙහාට මටත් ටිකක් දාගන්න"


යකෝ ගෙදර එවුන් මටත් හොරෙන් මුන්ටිකට වනම කෑමක් හදලද බලන්න කියල ගියා .එකෙක්. "පුතේ උඹත්
ඉදගෙන කාපන්" කියල" මට අර පිගාන ඇල්ලුවා මමත් පිගානට ඔලුව දමා බැලුවෙමි. අතීශයින්ම කුජීතය මුන් මෙච්චර වෙලා රස කර කර කා ඇත්තේ  කාල දාපුකෙහෙල් ලෙලි  තිබුණු  පිගානකි
 මේක මගේ ක්‍රියාවක් නොවන බව වගකීමෙන් කියන්න පුලුවන් ඒ උනාට ගෙදර අය තවමත් හිතාගෙන ඉන්නේ මේක මගේ තවත් එක කුප්ප ක්‍රියාවක් බවය .

8 comments:

  1. ඕ .... කෙසෙල් ලෙලි සලාදයක්.

    මල්ලි, ඔයා ටයිප් කරල ඉවර වෙල, තව පාරක් කියවල spelling mistake හදන්න. spelling mistake වලින් කතා රසය අඩු වෙනවයි කියලයි මට හිතෙන්නෙ. කොහොම උනත් හොඳ ආරම්භයක්. මම සුභ පතනව !

    ReplyDelete
  2. ෂැහ්.. මාර කුජීතයි..

    ReplyDelete
  3. ඔච්චරටම පොට්ටද බං

    ReplyDelete
  4. ඔන්න මම බ්ලොග් රෝලට දැම්මා . දැන් ඉතින් ලියමු අර බේබදු කතා ටික

    ReplyDelete
  5. @අටර්‍මපහුර රට බඩුනෙ බං

    ReplyDelete
  6. කවුද දන්නේ හොඳට අනුමත වුනාට පස්සේ කෙසෙල් ලෙලිවල තියෙන පෝෂණ ගුණය ගැන වැටහුණාද කියලා

    ReplyDelete