Tuesday, May 22, 2012

ප්‍රථම ප්‍රේමයෙන්ම කෙලවීම

මේ සිද්දීය මට මිඉට මාස 6 කට විතර කලින් වෙච්ච දෙයක් .මේක කියවන උන්ටත්  මේවගේ  දෙයක් නොවෙන්න තමා මම මේක මගේ බ්ලොග් එකේ ලියන්න තීරණය කලේ ................................මේ කතාවට ගොඩක් නම් අපේ උන් දාල තියනව   මහා කුමන්ත්‍රණය , කුජීත ආදරය  කෑල්ල සහ යාළුවා  වගේ :DDD

මෙන්න මේකයි කතාව.
ඉස්කෝලෙට අපේ ගෙවල් පැත්තේ ඉදන් සෑහෙන දුරක් තියනව.ඉතින් ඒක හින්ද බස් එකේ තමයි ඉස්කොලේට යන්න වෙන්නේ අර සිසු සැරිය තියන හින්ද එකේ තමයි යන්නේ .මේකෙත් ඉතින් සුපුරුදු ලෙස පිස්සු කෙල කෙල තමා යන්නෙ.(<මේකෙ කරන වැඩ ගැන කියන්න ගියොත් ඉතින් තව පොස්ට් 10 ක් විතර ලියන්න වෙනව>)දැන් ඉතින් 11 වසරේ අන්තිම හරියේ තමා මට මේක උනේ .මේ කාලේ වෙද්දී අපේ සෙට් එකේ සේරටම වගේ කෑලි හිටිය . කොහෙද... මම ඉතින් ඉස්සර ඉදන් මල් ගහල තිබුනට මල් කඩල පුරුද්දක් තිබුනේ නෑ . අනික මට 10 වසරට විතර වෙනකන් කෙල්ලෝ පෙන්න බෑ කෙල්ලන්ටත් මාව පේන්නබෑ (කොරන වැඩ හින්දම තමා) කොහොමහරි මට කෑල්ලක අවශ්‍යතාවය තදටම දැනුන. ඉතින් මම අපේ සෙට් එකේ උන්ටත් කියල වැඩේට බැස්ස(කියපු ඒකෙන් තමා කෙල උනේ)     .  හුටා.........මාර කේස් එක කෝ.දැන් කෙල්ලෝ !!!!!!!!! බස් එකේ එක කෙල්ලෙක්වත් දාගන්න තියා කතා කරන්න පුළුවන් සයිස් එකකවත් නෑ මොකද ඉතින් දවසකට මොකාක්ම හරි    කුප්ප වැඩක් කරනවනේ...ඔන්න ඉතින් එකට විසදුමක් ලැබුනා බස් එකට අලුත් කෙල්ලෙක් ආව .ආයේ කතාකරන්න දෙයක් නෑ සුපිරිම කෑල්ලක් .කොල්ලෙකුත් නෑ කියල මම කොහොමහරි හොයාගත්ත.මෙකි ආපු ගමන වෙන එකෙකුටවත් මේකට ලංවෙන්නවත් දෙන්නේ නැතුව තහනම් නියෝගයක් පලකෙරුව නැත්තං වෙන වෙන උන් වැඩේට බහිනවනේ .කට්ටිය කතාවෙලා ඉතින් දැන් කෑල්ල දාගන්න ට්‍රයි එක දෙනවා .දන්නා හැම අද එකක්ම දැන් මෙයා ඉස්සරහ දානව ඒ උනාට මෙකි නැමෙන්නෙම නැහැනේ ..............දැන් ඉතින් මෙයාගේ නම්බර් එක හොයන්නත් කීපදෙනෙක පත් කළා  තියෙන්නේ වැඩේ ඉතින් දහමෙන් සෙමෙන් යනවා . පලවෙනි පාර නේ..... පළපුරුද්දක් නැති හින්දම සිරාවටම ලව් කළා( එක පාර්ශවිකව හැබයි) මෙකි හෙන මීටරයක් කියල මෙයාගේ යාලුවොත් කියනවා .එක හින්ද ඉතින් සෑහෙන ගේමක් දිල පන්තියේ පීරියඩ් 4ක්  විතර කට් කරන එක 1-2 ක් විතර  අඩු කළා ..බියර් ටින් ගානත් ටික ටික අඩු වුනා.සෙට් එකෙනුත් හැලෙන්න ගත්තා .ඔන්න ඔය අතරේදී මට වැඩිය අවුරුද්දක් විතර වැඩිමල් එකෙක් මාත් එක්ක කතාකරලා ෆිට් උනා මේක ටිකක් පො## පාට (එහෙම කීවට පවුනෑ) ඒ උනාට කෙල්ලෝ උට මාර කැමතියි .මූ දැන් මම අර කෙල්ල ලගට යද්දී මාත් එක්කම ඉන්නවා .(මම නැති දවස් වලටත් ගියාලු )
මට හෙල්ප් එකට කියල  පස්සේ පස්සේ මු ජෝක් එකට වගේ කියනවා එකී උට හොදයි කියල .ඔහොම එකක් කියන්න ගිහින් දවසක් කනේ පාරකුත් මගේ කාල තියනව. ඔන්‍න‍ ඔහොම යද්දී දැන් කෙල්ල මට කැමති වෙන ගානට ආව දැන් ඉතින් අහන්නත් ඕනෙ කලින් කාගෙන්වත් අහලත් නැ අපේ දුක් විදිනා පෙම්වතුන් සෙට් එකේ උදව්වෙන් .නෙට් එකෙත් බලල බලල  පස්සේ සෑහෙන ගේමක් දීල ඇහුව 
not responding>>>>  කල් ඕනෙ කියනවා .කල් කොහෙද ඉතින් ඊට පස්සේ දවසේ ඇඩ්මිෂන් දීල පිනා අපිව පයින් ගහල එලෙව්වා .ඔන්න විභාගෙ ලිව්වා ලියමුකො මට ඉතින් අර කෙල්ල මතක්  වෙනවා උත්තරේ ආවෙත් නෑනේ අපේ සෙට් එකේ උනුත් ගෙවල් වල මම ඉතින් බස් එකට ගිහින් අරකිගෙන් දෙකෙන් එකක් බේරගන්නව කියල හිතාගෙන බස් එකේ යන පොඩි එකෙකුට කතාකරල ඇහුව "දැන් කොහොමද " අර කෙල්ලගෙ නම කියල එකී ඉන්නවද කියල  .............................උගේ උත්තරෙන් මට උන්හිටි තැන අමතක උනා ෆෝන් එකත් බිම වැටුන. උගේ උත්තරේ තමයි  " එකී දැන් අර ****ගෙ කෑල්ල අද හවසත් මල් කඩ කඩ අව මම දැක්ක "දැන් ඉතින් මට අරකව මරාහෙන කන්න තරම් තරහ . එත් තව ටිකක් බලමුකෝ කියල හිතාගෙන පස්සේ දවසේ ඉස්කෝලේ යුනිපෝම් එකක් ඇදගෙන ගියා cap එකකින් මුඋන වහගෙන ඇනොනිමස් කෙනක් විදියට වැඩේ ඇත්තය ........මගෙන් කල් ඉල්ලුව එකී දැන් මුඋත් එක්ක පෙම් කෙළිමින් සීටි....................... මුගේ අතපය හතර විසන්දී  කරන්න අපේ උන්ට ඕනෙ උනා ඒ උනාට මට එහෙම කරන්න හිතුනේ නැ මොකද මම එයාට සිරාවටම ලව් කළා    මේක අර පො## අයියගේ විතරක් වැඩක් නොවන බව මට තේරුනා මේ මහා කුමන්ත්‍රණයට ගැන තවමත් අපේ උන් හොයාගෙන යනවා මෑත ඉතිහාසයේ මට වෙච්ච කුජීතම සිද්දීය මේක තමා තවම පාරේ බැහැල යන්න බැරි තත්වයක් තියෙන්නේ
  

ඒ දවස වල හීනෙ..................................


දැන් ...........................................









ප.ලි ...බ්ලොලොක්කේ දාගන්න හොද සින්ඩි ටිකක් හොයල දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක්

15 comments:

  1. මාත් එක පාරක් ඔහොම චාටර් උනා.. ඔයිට වඩා චුට්ටයි වෙනස්..

    //ප.ලි ...බ්ලොලොක්කේ දාගන්න හොද සින්ඩි ටිකක් හොයල දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක්//

    http://blogs.sinhalabloggers.com
    http://syndi.lankeeya.lk

    පෝස්ට් ලියලා මේ ගෘප් වලටත් දාන්න ලින්ක් එක

    http://www.facebook.com/groups/iamablogreader/
    http://www.facebook.com/groups/192579577425984/
    http://www.facebook.com/groups/111703972250107/
    http://www.facebook.com/groups/109824795748930/

    ReplyDelete
    Replies
    1. පළවෙනි පෝස්ට් එකේ දැක්ක විදයට මං හිතන්නේ උඹ මගේ ව‍යසේ.. එළ එළ.. බාලයෝ දෙන්නා... :D

      Delete
    2. @බිම්සර එළ එළ...........................:D

      Delete
  2. වරෙන් අපේ පැත්තේ. ඔන්න මං උඹල වගේ උන්ටම දැම්ම පොස්ට් එකක් :P

    ReplyDelete
    Replies
    1. @රෙපා පොස්ට් එක බැලුවෙමි එලය මමත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා...............

      Delete
  3. ඔන්න මාත් ආවා බොලොක්කෙ බලන්ඩ.හැබැයි දිගටම ලියන්ඩ ඕනෙ ඕං.ඔය අනිත් ඈයිංගෙ බොලොක්ක බලනකොට සින්ඩිවලට දාලා තියෙන ලිංකු දිගේ ගිහිං එව්වට සෙට් වෙන එක තමා මංනං කළේ.

    ReplyDelete
    Replies
    1. අනිවා මචෝ දිගටම ලියනවා .උබ කියපු වැඩෙත් කරලම බලන්නම්කෝ

      Delete
  4. ඔව්වා ගනන් ගන්ඩ එපා මලේ.අද තමයි මම මෙ පැත්තට ආවේ. ආයෙත් එන්නම්.අපේ පැත්තෙත් ඇවිත් යන්ට වරෙන්

    ReplyDelete
  5. මේක පටන් ගැනුම විතරනේ මලයා, අවසානය නොවේ :D

    ReplyDelete
  6. හොදට ලියල තියෙනව.... අද තමයි මම ආවේ..
    ආයෙත් එන්නම්...

    ReplyDelete