Sunday, June 3, 2012

අවසාන ලියුමයි ඔබට ලියන්නේ ..............................................

 ආදරණිය ඉෂා ......................
ඔයාව ආයේ කවදාවත් මගේ වෙන්නේ නෑ  කියල මම හොදටම දන්නව ඒත් ඔයා ඔය විදියට  දිගටම ගියොත් ඔයාව කාටවට් නැතිවෙයි කියල මට හොදටම විශ්වාසයි .ඔයා ඔහොම කෙනෙක් කියල මම දන්නවනම් කවදාවත් ඔයාට ආදරය කරන්නේ නෑ .මට ආයෙ කවදාවත් ඔයාව ඕනෙ නෑ ඒ වුනත් ඔයාට ඔයාවවත් නැති වෙන දවස තව දුර නෑ .එලිය නැති දාට හෙවනල්ලත් තමන්ව දාල යනවා කියල මට හරියටම තේරුනේ ඔයා මාව දාල ගිය දවසේ ඔයා මට දුන්න දුක අද තව කෙනෙකුට දිල.ඒත් මම එදා ඇඩුව වගේ ඔයාටත් කවදාහරි අඩන්න වෙයි එදාට ඔයාට කවුරුවත් නැතිවෙයි  අදින් මම ඔයාව හැමදාටම අමතක කරලා දානවා ඒත් එක එහෙම වෙඉද කියල හරියටම කියන්න මම දන්නේ නැ


ආදරයේ උණුසුම ලඟ - දුක දැනෙන්නෙ නෑ
දුක් කරදර නැති දවසට - දුර පෙනෙන්නෙ නැ
ජීවිතයේ හැමදාමත් - සැප රැදෙන්න බැ
සිනහවෙවී සිනහවෙවී - කල් ගෙවන්න බැ

තොල් අග මදහස දල්වන
ප්‍රාර්ථනා මල් පිබිදෙයි
ලෝකය උඩු යටිකුරු වී
ප්‍රාර්ථනා වන් වැලලෙයි..
සැමදා දුක සැමදා සැප - නොමැති ලෝකයේ
සිනහ නැගෙයි කදුල ඇගෙයි - එයයි ජීවිතේ

ආදරයේ උණුසුම ලඟ - දුක දැනෙන්නෙ නෑ
දුක් කරදර නැති දවසට - දුර පෙනෙන්නෙ නැ
ජීවිතයේ හැමදාමත් - සැප රැදෙන්න බැ
සිනහවෙවී සිනහවෙවී - කල් ගෙවන්න බැ

‍දිවා රැයේ දකින සිහින
පවන් සලා ගිමන් නිවයි
සිහින ලොවම ගරා වැටෙයි
කදුලින් හදවත් ඇවිලෙයි..
ගිතරු පෙම් සුසුම් හඩින් - පිරුණු ලෝකයේ...
සිනහ නැගෙයි කදුල ඇගෙයි - එයයි ජීවිතේ...

ආදරයේ උණුසුම ලඟ - දුක දැනෙන්නෙ නෑ
දුක් කරදර නැති දවසට - දුර පෙනෙන්නෙ නැ
ජීවිතයේ හැමදාමත් - සැප රැදෙන්න බැ
සිනහවෙවී සිනහවෙවී - කල් ගෙවන්න බැ


මේකනම් කාටවත් කියවන්න තරම් රසවත් වෙන්නේ නෑ කියල මම දන්නව ..............................................................................................

2 comments:

  1. කවදාවත් ආදරේ නොකර ඉන්නවට වඩා ආදරේ කරලා පරදින එකා ශ්‍රේෂ්ඨයි ලු.

    ReplyDelete
  2. ගොඩක් ආදර කතා ඉවර වෙන්නේ දුකකින්

    ReplyDelete